පාකිස්තානයේ ඖෂධ නියාමන අධිකාරිය විසින් චීන සමාගමක් වන සීනෝෆාම් විසින් නිපදවන ලද එන්නත භාවිත කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.
පසුගිය වසරේ දෙසැම්බරයේදී පාකිස්තානයේ විද්‍යා අමාත්‍ය ෆවාඩ් චෞද්රි විසින් 2021 මුල් භාගයේදී චීනයේ සීනෝෆාම් වෙතින් කොරෝනා වෛරස එන්නතක් මාත්‍රා මිලියන 1.2ක් මිලදී ගන්නා බව ප්‍රකාශ කර තිබුණි.
චීනයේ සීනෝෆාම් කොවිඩ්-19 එන්නත 79.34%ක කාර්යක්ෂමතාවයක් ඇති අතර, එය චීනයේම තවත් තරගකාරී එන්නතක් වන සීනොවැක් හි කොරෝනාවැක් එන්නතට වඩා ඉහළ අගයකි.
ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මෝඩර්නා යන එන්නත් මෙන් මිල අධික සිසිල් ගබඩා පහසුකම් අවශ්‍ය නොවන, කොරෝනාවැක් සහ සීනොෆාම් යන එන්නත් පහසු මිල ගණන් යටතේ ලබාගත හැකි සහ පහසුවෙන් බෙදා හැරිය හැකි එන්නත් ලෙස සැලකෙයි.