චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නත හදිසි භාවිතය සඳහා කාම්බෝජය නිල වශයෙන් අනුමත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්රකාශයෙක් පවසයි.
චීනය විසින් පරිත්‍යාග කරන ලද පළමු සීනොෆාම් එන්නත් තොගය පෙබරවාරි 7දා කාම්බෝජයට පැමිණෙන බව කාම්බෝජ අග්‍රාමාත්‍ය සම්දේක් ටෙකෝ හුන් සෙන් පැවසීය.
"එන්නත නොම් පෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි විට, එය භාරගැනීමට මා යනවා" යනුවෙන් ඔහු සිය නිල ෆේස්බුක් පිටුවේ ලියා තිබේ.
වෛද්‍ය වෘත්තිකයන්, ගුරුවරුන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ටුක්-ටුක් සහ කුලී රථ රියදුරන් සහ කසළ එකතු කරන්නන් වැනි වෛරසය වැලඳීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට මෙම එන්නත නොමිලේ ලබාදෙන බව කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා පැවසීය.
වසංගතය හොඳන්ම පාලනය කළ රටක් ලෙස කාම්බෝජයේ මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයන් 467ක් වාර්තා වී ඇති අතර, කිසිදු මරණයක් වාර්තා වී නොමැත.