වයස අවුරුදු 18-59 අතර වැඩිහිටියන් සඳහා චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නත 78.1%ක ඵලදායීතාවක් පෙන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෝ පවසති.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපායමාර්ගික උපදේශක කණ්ඩායම විසින් මෙම තක්සේරුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ චීනයේ ජාතික ඖෂධ සමූහ සංස්ථාව (සීනොෆාම්) විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත (BBIBP-CorV) පිළිබඳ වාර්තාවකය.
හදිසි භාවිතය සඳහා සීනොෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අනුමත කිරීම සඳහා මෙම සොයා ගැනීම ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ හැකි අතර, දැනට සැපයුම් අර්බුදයට මුහුණදී සිටින අඩු ආදායම්ලාභී රටවල් සඳහා ලබාදීමට සුදුසුකම් ලැබීමෙන් එය කොවිඩ්-19 එන්නත් ගෝලීය ප්‍රවේශය (Covax) තුළ විශාල කාර්යභාරයක් සිදුකරනු ඇත.
සීනොෆාම් මෙන්ම, තවත් චීන සමාගමක් වන සීනොවැක් හි කොවිඩ්-19 මර්දන එන්නත්වල හදිසි භාවිතය පිළිබඳ අනුමැතිය මෙම සතිය අවසන් වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඖෂධ ප්‍රවේශය, එන්නත් සහ ඖෂධ පිළිබඳ සහකාර අධ්යක්ෂ ජනරාල් මාරියන්ගෙලා සිමාවෝ පැවසීය.
මෙම එන්නත් දෙකටම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොළ එළියක් ලැබෙන්නේ නම්, මේ වසරේදී එන්නත් මාත්‍රා බිලියන 2ක් සපයයමින් චීනය ලෝකයේ විශාලතම එන්නත් සැපයුම්කරුවා බවටද පත්වනු ඇත.