තුර්කි සෞඛ්‍ය නියාමකයින් විසින් චීනයේ සීනොවැක් කොවිඩ්-19 එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කළ අතර, ඒ අනුව අද (14දා) දිනයේ සිට එරට මහා එන්නත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට මාර්ගය දිගහැරී තිබේ.
"විද්‍යාත්මක දත්ත ඇගයීමට ලක්කර ඇති අතර, පැමිණ ඇති කණ්ඩායම් වලින් ලබාගත් සාම්පල දින 14ක් අපගේ රසායනාගාරවල පරීක්ෂා කර තිබෙනවා. ඒ අනුව එන්නත හදිසි භාවිත අවසරය නිකුත් කරනු ලැබුවා" යනුවෙන් තුර්කියේ ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
නිවේදනය නිකුත් වූ වහාම තුර්කි සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකාට සීනෝවැක් පළමු එන්නත් මාත්‍රාව ලබාදුන් අතර, එය එරට සජීවීව රූපවාහිනිය හරහා විකාශනය කරනු ලැබීය. තමා සහ වසංගත විද්‍යා කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයින්ට වහාම එන්නත ලබාදුන් බවත්, තුර්කියේ පළාත් 81 පුරාම එන්නත්කරණ වැඩසටහන අද (14දා) ආරම්භ කරන බවත් ඔහු වාර්තාකරුවන්ට පැවසීය.