නත්තල් සහ අලුත් අවුරුදු සමයේ උත්සව සහ සංචාරයන්ගෙන් පසුව කොවිඩ්-19 ආසාදන නැවත ඉහළ යාමේ අපේක්ෂාවන් මැඬපැවැත්වීම සඳහා ඉන්දුනීසියාව ජනවාරි 14දා සිට පළාත් 34කදී සෞඛ්‍ය සේවකයන් සහ රාජ්‍ය නිලධාරීන් වෙත එන්නත් වැඩසටහන දියත් කරන බව පවසයි.
ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සහ ඔහුගේ කැබිනට් සාමාජිකයන් ඊට දිනකට පෙර චීනයේ සීනොවැක් බයෝටෙක් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් රටපුරා එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය බුඩි ගුණඩි සාඩිකින් පැවසීය.
ආරම්භක අදියරේදී කණ්ඩායම් තුනකට එන්නත් මාත්‍රා ලැබෙනු ඇත. ඔවුන් ජකර්තා සහ පළාත්වල ඉහළ නිලධාරීන්, සෞඛ්‍ය සේවක සංගම්වල කමිටු සාමාජිකයන් සහ පළාත්වල සිටින ප්රමුඛ වෛද්‍යවරුන් සහ ආගමික නායකයින්ගෙන් සමන්විත වන බව දේශීය කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
විශේෂයෙන්ම එන්නත් බෙදාහැරීමේදී දැඩි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමටද ඉන්දුනීසියානු රජය ක්‍රියාකර ඇති අතර, ප්‍රවාහනය කෙරෙන රථවලට ආයුද සන්නද්ධ ආරක්ෂාවක් ලබාදීමද කැපීපෙනෙයි.