චීනයේ අඟහරු තරණයේ නිරත ෂුරොන්ග් රෝවරය අඟහරු පෘෂ්ඨය මත පෘථිවියේ දින 100ක් ගත කරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළ බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.
එසේම එම පරිපාලනය විසින් අඟහරු මෙහෙයුමේ නව ඡායාරූප මාලාවක්ච නිකුත් කළේය.
එමෙන්ම මෙම අඟහරු රෝවරය රතු ග්‍රහයා මත මීටර් 1,064කට වඩා ගමන් කර ඇත. ඊට අමතරව, රෝවරය අඟහරු භූ දර්ශනයේ සහ එහි ඡායාරූප ගෙන ඇත.
චීනයේ ප්‍රථම අඟහරු ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන සැලසුම්කරු ෂැං රොංකියෝ පවසන පරිදි රෝවරය තවමත් සාමාන්‍ය ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අතර සැලසුම් කළ පරිදි දකුණට ගමන් කරයි.
මේ අතර අඟහරු පෘෂ්ඨය මත ෂුරොන්ග් මෙහෙයුම් ආරම්භ කර පෘථිවි දින 100ක් පිරීම නිමිත්තෙන් චීනය සැමරුම් රන් කාසි එකතුවක්ද නිකුත් කර ඇත.