චීනයේ කොවිඩ් නව රෝගීන් වාර්තා වීම ඉලක්කම් දෙකේ අගයට පත්ව තිබේ. ඒ අනුව චීනයේ නව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව පහළ යමින් පවතී.
කොවිඩ් 19 මුලින්ම වාර්තා වූ හුබෙයි පළාතෙන් පිටත සෙනසුරාදා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 03කි. එසේම හුබෙයි පළාත තුළ වූහන් නගරයෙන් පිටත නව රෝගීන් වාර්තා වී නොමැති අතර එසේ සිදුව ඇත්තේ අඛණ්ඩව තෙවැනි දිනටය.
සෙනසුරාදා දිනයේදි වාර්තා වී ඇති නව රෝගීන් සංඛ්‍යාව 44ක් වෙයි. ඒ අනුව වුහන් නගරයේ වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 41කි.
මේ වන විට චීනයේ වාර්තා වි ඇති සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 80695කි. සම්පූර්ණ මරණ සංඛ්‍යාව 3097කි.
සෙනසුරාදා දිනයේදී වාර්තා වී ඇති නව මරණ සංඛ්‍යාව 274කි. සෙනසුරාදා දිනයේදී සුව වූ රෝගීන් 1661ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ. සමස්ත සුව වූ රෝගීන් සංඛ්‍යාව 57065ක් දක්වා වර්ධනය වී ඇති අතර මේ වන විට පුද්ගලයන් 20533ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.