චීනය ඊයේ (10දා) වනවිට කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 1.8කට වඩා ලබා දී ඇති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම (NHC) අද (11දා) පැවසීය.
දේශීයව සම්ප්‍රේෂණය වන ආසාදිතයන්ගේ සුළු ඉහළ යාමක් පවතින බැවින්, ආසාදන පාලනය සඳහා න්‍යෂ්ටික අම්ල පරීක්ෂණය ශක්තිමත් කිරීම සඳහාද චීනය සිය උත්සාහයන් වේගවත් කර තිබේ.
වසංගත මර්දනය සඳහා සැමවිටම ප්‍රමුඛතාව දියයුතු බවත්, වෛරස් විරෝධී සටනේදී කිසිඳු මන්දගාමී භාවයක් ඇති නොවන බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානී මා ෂියාඕවේ පැවසීය.