චීන භූමියේ මිලියන 15කට අධික පිරිසකට කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත ලැබී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ පවසයි.
චන්ද්‍ර අලුත් අවුරුදු නිවාඩුව ළඟා වෙත්ම, යළි තම ගම්බිම් බලා යන අය දින හතක් ඇතුළත ලබාගත් සෘණාත්මක න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ සහතිකයක් සමග එසේ පැමිණිය යුතු බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් නිවාඩු කාලය තුළ මගී සංචරණ 2019 වර්ෂයට සාපේක්ෂව 40%කින් අඩුවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර පසුගියදා වූහාන් වෙත පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිස තවදුරටත් සිය නිරෝධායනය යටතේ, චීන විද්‍යාඥයන් සමග මාර්ගගත්ව රැස්වීම්වලට සහභාගී වන බවත්, ඉදිරි පරීක්ෂණ ගැන සාකච්ඡා කරමින් පසුවන බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.