චීනය බදාදා දිනය වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 1.9කට වඩා එරට ජනතාව වෙත ලබා දී ඇතැයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අද (19දා) නිවේදනය කළේය.
ලෝකයේ වඩාත් වේගවත් එන්නත්කරණයක් සිදුකරන රට ලෙස චීනය සැලකෙන අතර, තම රට වැසියා වෙත එන්නත් ලබාදීමෙන් නොනැවතී, චීනය ලෝකයේ සෙසු රටවල් වෙතද එන්නත් පරිත්‍යාගයන් ලෙස මෙන්ම, ඇණවුම් ලෙසද කඩිනමින් ලබාදීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.