කොවිඩ්-19 එන්නත් දෙකක් (සීනොෆාම් සහ සීනොවැක්) සඳහා චීනය මේ වනවිටත් අනුමැතිය ලබාදී ඇති අතර, සායනික අත්හදා බැලීම් සඳහා හදිසි අවසර ලබාදී ඇති එරට නිෂ්පාදනය වූ කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් 16කින් තවත් එන්නත් 6ක් තුන්වැනි අදියර අත්හදා බැලීම්වලට ඇතුළත් වී ඇති බව චීනයේ ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනය පවසයි.
එමෙන්ම චීනයේ නියාමන මණ්ඩලය පැවසුවේ කොවිඩ්-19 සහ ඒ හා සම්බන්ධ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම හා වැළැක්වීම සඳහා ඖෂධ දෙකක් සඳහාද කොන්දේසි සහිත අනුමැතිය එරට තුළ ලබා දී ඇති අතර, තවත් ඖෂධ 22කට සායනික අත්හදා බැලීම් සඳහා අවසර දී ඇති බවයි.