චීන ප්‍රධාන භූමිය ඊයේ (03දා) තවත් කොවිඩ්-19 ආසාදිතයන් 36ක් වාර්තා කර ඇති අතර, ඉන් 30ක් දේශීය සම්ප්‍රේෂණයන් බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම උපුටා දක්වමින් චීන මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම විදේශගතව සිට පැමිණි ආසාදිතයන් 6 දෙනෙකුද එදින වාර්තා කර ඇති අතර, දේශීය සම්ප්‍රේෂණයන්ගෙන් 28ක් වයඹදිග සින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයෙන් සහ දෙකක් ඊසානදිග ලියාඕනිං පළාතෙන් වාර්තා වී තිබේ.
එමෙන්ම රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 21 දෙනෙකුද ගෙවීගිය දිනයේ චීනයෙන් වාර්තා වී ඇත. කෙසේ වෙතත් රෝග ලක්ෂණ නොමැති පිරිස් චීනය සිය නිල ආසාදිත ලැයිස්තුවට ඇතුළත් නොකරයි.
කෙසේ වෙතත් ගෙවීගිය දිනයේ වෛරසය ආශ්රිත මරණ කිසිවක් සඳුදා ලියාපදිංචි නොවූ බවත්, කොවිඩ්-19 රෝගීන් 17 දෙනෙකු රෝහල්වලින් මුදා හැර ඇති බවත් චීන සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් පවසා තිබේ.