චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති හූ වෙයි මහතා මහතා නව කථානායක මහින්ද අබේවර්ධන මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හමුවිය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මහලේකම් ධම්මිකා දසනායක මහතා ද සහභාගී විය.
චීනයේ ඉහළ ව්‍යවස්ථාදායකය වන චීන ජාතික මහජන සම්මේලනයේ ස්ථාවර කමිටුවේ සභාපති ලී ෂාන්ෂු මහතා ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත්වීම පිළිබඳව එවූ සුබ පැතුම් පණිවිඩය හූ වෙයි මහතා විසින් කථනායකවරයාට භාර දුන්නේය.
චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය පුරාණ කාලයට දිව යන බව පැවැසූ චීන තානාපතිවරයා මේ වන විට එම සබඳතා රජයෙන් රජයට සහ පක්ෂයෙන් පක්ෂ මට්ටමට පමණක් නොව, ජාතීන් දෙකේ ජනතාවගේ හදවත් තුළ ගැඹුරින් මුල් බැස ඇති බව චීන තානාපතිවරයා පැවැසිය.
නව පාර්ලිමේන්තුව සුමට හා සාර්ථක ලෙස කැඳවීමත් සමඟ, සෑම ක්ෂේත්රයකම ප්‍රායෝගික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සහ දෙරට අතර අන්තර්ජාතික ක්ෂේත්රයන්හි අන්‍යෝන්‍ය සහයෝගය සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා ව්‍යවස්ථාදායක හුවමාරුව ශක්තිමත් කිරීමට චීනය සූදානම් බව මෙහිදී තානාපතිවරයා පැවැසීය.
සභාපති ලී ෂාන්ෂුගේ අවංක සුබ පැතුම් වෙනුවෙන් කථානායක මහින්ද අබේවර්ධන මහතා සිය කෘතඥතාව පළ කළ අතර වසර දෙදහසකට වැඩි කාලයක් පුරා දිවෙන ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය සිහිපත් කළේය.
1952 දී දෙරට අතර රබර් සහල් ගිවිසුමට අත්සන් තැබූ අතර චීනය එල්ටීටීඊය පරාජය කිරීම, දිවයින ප්‍රතිසංස්කරණය කිරීම සහ විශේෂයෙන් මේ වසරේ COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ස්ථිර සහයෝගයක් ලබා දුන්නේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සෑම විටම චීනයේ ජාතික මහජන සම්මේලනය සමඟ වඩාත් මිත්‍රශීලී සන්නිවේදනයක් ඇති කිරීමටත්, ද්විපාර්ශ්වික දැවැන්ත ව්‍යාපෘති සඳහා වඩා හොඳ නෛතික පරිසරයක් සඳහා පහසුකම් සැලසීමටත්, ජාත්‍යන්තර ක්ෂේත්රයන්හි භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය ඇතුළු මූලික අවශ්‍යතා සඳහා අන්‍යෝන්‍ය සහයෝගය ලබා දීමටත් කැපවී සිටිනු ඇත.