චීනයේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල වේගවත් කිරීමේ ප්රයත්නයේ කොටසක් ලෙස, මෙම ජුනි මස අවසානය වනවිට ජනගහනයෙන් 40%ක් කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණය කිරීමේ ඉලක්කය කරා ළඟාවීමට අවශ්‍ය වේගය ලබාගැනීම සඳහා ජංගම එන්නත්කරණ බස් රථ යොදවා තිබේ.
"COVID-19 වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වඩාත් ඵලදායී මාධ්‍යයක් ලෙස එන්නත්කරණය ක්‍රියාකාරී ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කරනවා" යනුවෙන් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ හෙයි කිංහුවා මාධ්‍ය වෙත පැවසීය.
ජංගම එන්නත් කිරීමේ වාහනය සාමාන්‍ය බස් රථයක් මෙන් පෙනුනද කොවිඩ්-19 මර්දන එන්නත්කරණය සඳහා ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කරන ලද නව ජංගම රථයකි. එමගින් ජනතාවගේ කාලය ඉතිරි කර ගත හැකි අතර එන්නත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කරගත හැකි බව පවසයි.
මෙම ජංගම එන්නත් රථයක වෛද්‍ය ශීතකරණ සහ ප්‍රථමාධාර පහසුකම්වලින් සමන්විත වන අතර, එන්නත ලැබූවෙකුට හදිසි ප්‍රතික්‍රියා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම්ද පවතින බව කියයි. මෙහි ශීතකරණයට එන්නත් මාත්‍රා 2,400ක් ගබඩා කළ හැකිය. එමෙන්ම එන්නත් කිරීමේ තොරතුරු සමස්ත ක්‍රියාවලිය පුරාම ජාලගත කර ඇති බැවින් ඒවා පහසුවෙන් සොයාගත හැකි අතර, නියාමන බලධාරීන්ට එය එන්නත් කිරීමේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා දුරස්ථව නිරීක්ෂණය කළ හැකි බවද කියයි.
අප්‍රේල් මාසයේදී බීජිං සහ හෙබෙයි පළාතේ මෙම බස් රථ භාවිතය ඇරඹූ පසු දිනකට එවැනි වාහන 12ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සමාගමට ඇති බව කියයි.