එක්සත් ජනපදය, ප්‍රංශය, ඉතාලිය, රුසියාව සහ ජපානය ඇතුළු රටවල් 170කට අධික සංඛ්‍යාවක මෙම චීන වසන්ත සැණකෙළිය විකාශය වී ඇත.
චීනය චන්ද්‍ර අලුත් අවුරුදු උදාව පිළිගනිමින පැවති 2021 වසන්ත සැණකෙළිය ලොව පුරා බිලියන 1.27ක රූපවාහිනී සහ නව මාධ්‍ය වේදිකාවන්හි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගෙන තිබේ.
එක්සත් ජනපදය, ප්‍රංශය, ඉතාලිය, රුසියාව සහ ජපානය ඇතුළු රටවල් 170කට අධික සංඛ්‍යාවක මෙම චීන වසන්ත සැණකෙළිය විකාශය වී ඇත.
ඒ අනුව මිලියන 734ක ජනතාවක් සජීවී සංදර්ශනය සහ එහි වීඩියෝ දර්ශන නව මාධ්‍ය වේදිකා හරහා නරඹා ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව මිලියන 128ක වැඩිවීමකි. යූටියුබ් සහ ෆේස්බුක් වැනි වේදිකා හරහා විදේශයන්හි නැරඹුම් මිලියන 32.59ක් ඉක්මවා ඇති අතර එය පසුගිය වසරේ නැරඹුම්වලට සාපේක්ෂව මිලියන 4.54ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
චයිනා මීඩියා ගෘප් විසින් නිෂ්පාදනය කරන ලද මෙම සජීවී උත්සවය අති නවීන තාක්ෂණය භාවිත කිරීම නිසා එහි ආකර්ෂණය ඉහළ ගොස් ඇත. 8K අල්ට්රා හයි ඩෙෆිනිෂන් මෙන්ම, පියවි ඇසින් නැරඹිය හැකි AI + VR ත්‍රිමාණ තාක්ෂණයද ඇතුළත් කිරීම වඩා හොඳ නැරඹුම් අත්දැකීමක් සහතික කර ඇත.
මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යා ජිල් බයිඩන්ද ආසියානු ඇමෙරිකානුවන්ට සහ පැසිෆික් දූපත් වැසියන්ට සුබ, සෞඛ්‍ය සම්පන්න සහ සමෘද්ධිමත් චන්ද්‍ර අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කර තිබේ.