චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවට අනුව සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය වනවිට නව කොරෝනා වෛරස සිද්ධීන් චීන ප්‍රධාන භූමියෙන් 20ක් පමණක් වාර්තා වී ඇති අතර, මරණ 10ක් සිදුව තිබේ.
මෙසේ මරණයට පත්ව ඇති සියලු දෙනා නව කොරෝනා වෛරසය පැතිරීම ඇරඹුණු හුබෙයි පළාතෙන් පමණක් වාර්තා වන බවද කියයි.
ඒ අනුව, චීනයේ මේ දක්වා තහවුරු වූ මුළු රෝගීන් සංඛ්‍යාව 80,844ක් වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 3,204 කි.
එදිනම චීන සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ රෝගීන් 1,370ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 67,022ක් බවයි.