චීනය විසින් ආධාර වශයෙන් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් මෙන්ම, එරට සමාගම් වෙතින් මිලදී ගත් එන්නත් තොග රටවල් කිහිපයක් වෙත පැමිණ තිබේ.
ඒ අනුව චීනයේ සීනොවැක් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත්වල සිව්වැනි තොගය ඊයේ (26දා) දිනයේදී චිලී රාජ්‍ය වෙත ලැබී තිබේ.
මීට අමතරව, සීනොවැක් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත්වල පළමු වැනි තොගය අද (27දා) මැලේසියාවට ළඟා වී ඇත.
එසේම සියෙරා ලියොන් රාජ්‍යයේ එන්නත්කරණ වැඩසටහනට සහාය වෙමින් චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් මාත්‍රා 200,000ක් එරට වෙත ළඟා වී තිබුණි.
චීනයේ සීනොවැක් කොවිඩ්-19 ආරක්ෂණ එන්නතෙහි පළමු තොගය උරුගුවේ රාජ්‍ය වෙත ලැබී තිබුණු අතර, චීන එන්නත් ලබාගත් නවවැනි ලතින් ඇමෙරිකානු රට බවට උරුගුවේ පත්ව තිබේ.
එරට රජය පැවසුවේ මාර්තු 1දා රටපුරා එන්නත් කිරීමේ වැඩසටහන දියත් කරන බවය.
මීට අමතරව චීනය විසින් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් සමූහයක් පලස්තීනයට පරිත්‍යාග කරන බව මහජන චීන සමූහාණ්ඩුවේ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තානාපති ජෙන් ෂුවාං ප්‍රකාශ කළේය.