චිනය තුළ කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් මිලියන 102.4ක් පසුගිය 27දා වනවිට ලබාදී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ඊයේ (28දා) නිවේදනය කළේය.
එමෙන්ම චීනයේ සීනොෆාම් හි අනුබද්ධ සමාගම් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් දෙකක ගෝලීය සැපයුමද මේ වනවිට මිලියන 100ක් ඉක්මවා ඇති බව එක් අනුබද්ධ ආයතනයක් නිවේදනය කළේය.
එහිදී රටවල් හෝ කලාප 50ක් වාණිජ හෝ හදිසි භාවිතය සඳහා සීනොෆාම් එන්නත අනුමත කර ඇති අතර, එන්නත් දෙකෙන් මාත්‍රා මිලියන 80කට වැඩි ප්‍රමාණයක් රටවල් 190කට අධික සංඛ්‍යාවක ජනතාවට ලබා දී ඇති බවද කියයි.
පුළුල් ප්‍රතිශක්තිකරණ පලිහක් ගොඩනැගීම සඳහා චීනය එන්නත් කිරීමේ සැලැස්ම වේගවත් කරමින් සිටින බව ජාතික සෞඛ්‍ය කොමිසමේ රෝග පාලන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වු ලියාන්ගු පවසයි. විශාල හෝ මධ්‍යම ප්‍රමාණයේ නගර, වරාය නගර හෝ දේශසීමා ප්‍රදේශවල සිටින පුද්ගලයින්, රජය සතු ව්‍යවසාය කාර්ය මණ්ඩලය, විද්‍යාල සිසුන් සහ කථිකාචාර්යවරුන් සහ සුපිරි වෙළඳසැල් කාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රධාන කණ්ඩායම් කෙරෙහි මෙම සැලැස්ම අවධානය යොමු කරයි. වයස අවුරුදු 60ට වැඩි හෝ නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට වෛරසයෙන් ආරක්ෂා වීමට එන්නත් ලබා ගත හැකිය.
චිනය පළමු මාත්‍රාවෙන් සති තුනත් අටත් අතර කාලයක් තුළ දෙවැනි මාත්‍රාව ලබාදෙයි. එහිදී එකම එන්නතෙන් මාත්‍රා දෙකක් ලබා ගන්නා ලෙස ජනතාවට උපදෙස් දී ඇති අතර, එන්නත ලබා ගැනීමට සුදුසුකම් ඇති සෑම කෙනෙකුම ප්‍රජා ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීම සඳහා හැකි ඉක්මනින් එන්නත් ලබා ගත යුතු බව පැවසීය.
සීනොෆාම් හි එන්නත ද්විත්වයම එක්සත් රාජධානියේ, දකුණු අප්‍රිකාවේ සහ වෙනත් ප්‍රදේශවලින් සොයාගත් වෛරස ප්‍රභේද 10කට වඩා ඵලදායී බව ඔප්පු වී ඇති බව සීනොෆාම් හි අනුබද්ධිත චයිනා ජාතික බයෝටෙක් සමූහයේ උප සභාපති ෂැං යුන්ටාවෝ පැවසීය.
එහිදී බ්‍රසීලයේ සහ සිම්බාබ්වේහි දක්නට ලැබෙන ප්‍රභේද පිළිබඳව තවත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව ෂැං පවසයි. වයස අවුරුදු 3 ත් 17 ත් අතර ළමයින් පිළිබඳ සායනික පර්යේෂණ දත්ත අපේක්ෂාවන් සපුරා ඇති අතර නුදුරු අනාගතයේ දී මෙම කණ්ඩායම එන්නත් කිරීමේ සැලැස්මට ඇතුළත් කළ හැකි බවද ඔවුන් යෝජනා කරයි.