චීන සමාගමක් වන කැන්සිනෝ බයෝලොජික්ස් හි කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 35ක් මිලදී ගැනීමට මෙක්සිකෝ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා අත්සන් කළ බව එරට විදේශ අමාත්‍ය මාර්සෙලෝ ඊබ්රාඩ් පවසයි.
මෙම අදහස් දැක්වීමට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කළ එබ්රාඩ් පවසා තිබුණේ මෙක්සිකෝව මේ සතියේ ගනුදෙනුවට අවශ්‍ය පසුබිම සකස් කරන බවය.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මෙක්සිකෝවේ නව ආසාදන සිද්ධීන් 11,974ක් සමග, සමස්ත ආසාදන සංඛ්‍යාව 1,205,229ක් දක්වා ඉහළ ගොස් තිබේ. රටේ වෛරසයෙන් මියගිය සංඛ්‍යාවද ගෙවීගිය දින 781ක් වන අතර, මේ සමග සමස්ත මරණ සංඛ්‍යාව 111,655ක් දක්වා ඉහළ ගොස් තිබේ.