චීනයේ කිංඩාඕ නගරයේ රෝහලක් ආශ්‍රිතව කොවිඩ්-19 පොකුරක් ඉස්මතු වීමත් සමග බලධාරීන් විසින් එම නගරයේ ජීවත් වන මිලියන 9ක් වන පමණ ජනතාවගෙන් මේ වනවිටත් මිලියන 5.6ක් ඉක්මවා පරීක්ෂා කර තිබේ.
කිංඩාඕ නාගරික සෞඛ්‍ය කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අඟහරුවාදා වනවිට මිලියන 5.6ක් ඉක්මවා පරීක්ෂා කිරීමට හැකි බූ බවය.
එනම් අඟහරුවාදා දේශීය වේලාවෙන් රාත්‍රී 8.30 වනවිට නගරය විසින් න්‍යෂ්ටික අම්ල සාම්පල 5,603,804ක් එකතු කර ඇත. පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිටත් මිලියන දෙකකට වඩා ලබා දී ඇති අතර, නව ධනාත්මක සිද්ධීන් කිසිවක් වාර්තා වී නොමැති බව කොමිසම වැඩිදුරටත් පැවසීය.
ඊසානදිග චීනයේ පිහිටා ඇති කිංඩාඕ නගරය සඳුදා නිවේදනය කළේ සති අන්තයේදී රෝහලක් අශ්‍රිතව ආසාදිතයන් 12ක් වාර්තා වීමෙන් පසුව දින 5ක් පුරා දැවැන්ත පරීක්ෂණ වැඩසටහනක් පවත්වන බවය. නගරයේ ජනගහනය මිලියන නවයකි.