චීනය එරට නිෂ්පාදිත කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 350කට අධික ප්‍රමාණයක් මේ වනවිට ලෝකය වෙත ලබා දී ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඊයේ (02දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එහිදී චීනය රටවල් 80කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් ආධාර ලබා දී ඇති බවත්, රටවල් 40කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් අපනයනය කර ඇති බව වැන්ග් සඳහන් කළේය.
ඉන් නොනැවතී එන්නත් විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග අත්වැල් බැඳගත් බවද හෙතෙම පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ගෝලීය එන්නත් සංවර්ධනය හා නිෂ්පාදනය සඳහා සහභාගී වීමට තවත් සමාගම් දිරිමත් කිරීම සඳහා චීනය සිය දේශීය ව්‍යවසායන් සඳහා අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව වැන්ග් සඳහන් කළේය.
හදිසි භාවිතය සඳහා චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කිරීම පිළිබඳව අදහස් දක්වමින් වැන්ග් කියා සිටියේ මෙම තීරණය චීන එන්නතෙහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සනාථ කර ඇති බවයි.
විශේෂයෙන්ම මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය දුප්පත් රටවලට එන්නත් සමානව බෙදාහැරීම සඳහා ආරම්භ කර ඇති COVAX වැඩසටහනට අවශ්‍ය එන්නත් නිෂ්පාදන ක්රියාවලියද චීනය වේගවත්ව සිදුකරමින් සිටින බව වාර්තා වෙයි.