2021 මාර්තු මාසය අවසන් වනවිට පාකිස්තානයට චීනයේ නිෂ්පාදිත සීනොෆාම් සහ කැන්සිනෝ කොවිඩ්-19 මර්දන එන්නත් මිලියනයකට අධික ප්‍රමාණයක් මිලදී ගැනීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
"අපි සීනොෆාම් සහ කැන්සිනෝ එන්නත් මාත්‍රා 1,060,000ක් මිලදී ගෙන තිබෙනවා" වසංගත මෙහෙයුම් භාර අමාත්‍ය අසාද් උමාර් පැවසීය. "මාර්තු අගට පෙර අපට මේ තොගය ලැබෙනු ඇති."
මීට අමතරව තවත් එන්නත් මාත්‍රා මිලියන 7ක් මිලදී ගැනීමට පාකිස්තාන රජය සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පවසා සිටියේය.
මේ අතර චීනයේ සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නත් වල සිව්වැනි තොගය මාර්තු 30දා මොරොක්කෝවට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි.
මොරොක්කෝව සීනොෆාම් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් යොදා ගනිමින් පසුගිය ජනවාරි 28දා රටපුරා එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළේය.
එමෙන්ම චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොවැක් එන්නතෙහි දෙවැනි තොගය අද (24දා) පිලිපීනයේ මැනිලා අගනුවරට පැමිණියේය.
පිලිපීනයේ රජයේ නියෝජිතයන් සහ පිලිපීනයේ චීන තානාපති හුවාං සිලියන් එහිදී මාත්‍රා 400,000ක් පිළිගත්තේය.
පිලිපීනය පසුගිය මාසයේ සිනොවැක් එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කළ අතර, චීනය විසින් පරිත්‍යාග කරන එන්නතෙහි පළමු වැනි තොගය ලෙස මාත්‍රා 600,000ක් පෙබරවාරි 28දා එරටට ලැබී තිබුණි.