ගෝලීය වශයෙන් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සඳහා ලොව වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදී ඇති රාජ්‍ය ලෙස, චීනය කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 990ක් බෙදාදී ඇති බව චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය ප්‍රධානී ඩෙං බොකින්ග් පවසයි.
චීනයේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත් මාත්‍රා රටවල් 105කට සහ සංවිධාන හතරකට පරිත්‍යාග කර ඇති අතර, තවත් රටවල් 60කට වැඩි ගණනකට එන්නත් අපනයනය කරමින් සිටින බවද පැවසීය.
චීනයේ සිට මියන්මාරය වෙත නව එන්නත් කාණ්ඩයක් සහ වෛද්‍ය ආධාර බෙදාදීමේ උත්සවයක් අමතමින් හෙතෙම මෙම කරුණු අනාවරණය කළේය.