හිටපු චීන විදේශ ඇමති සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජිචිගේ නායකත්වයෙන් යුත් චීනයේ ඉහළ පෙළේ චීන දූත පිරිසක් හෙට (8දා) කොළඹට පැමිණීමට නියමිතය.
ගෝලීය කොරෝනා වසංගතයෙන් පසු දකුණු ආසියානු කලාපයට චීනයේ ඉහළ පෙළේ දූත පිරිසක් කරන පළමු සංචාරය මෙය වෙයි. මෙම සංචාරය ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්රයන්හි ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගිතාවය ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සංචාරය කරන චීන දූත පිරිස ඔක්තෝබර් 9 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරනු ලබන දැඩි සෞඛ්‍ය ප්‍රොටෝකෝලය යටතේ රාජ්‍ය නායකයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ රැස්වීම් දෙකකට පමණක් ඔවුන්ගේ කටයුතු සීමා කරනු ඇත.