Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මූඩීස් ආයතනය ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට හේතු දෙකක් තිබෙනවා.
01 අඩු විදේශ විනිමය සංචිතය හා දේශපාලන අර්බුදය
02 රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණය අඩුවීම
ලංකාවේ ණය පියවීමේ හැකියාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි ධාරිතාවක් තිබෙනවා. ශ්‍රී ලංකාව ණය ගෙවීම සඳහා වන බැඳීම ඒ ආකාරයෙන්ම සියයට 100ක්ම ඉටුකිරීමට වගකීමට බැදී සිටිනවා.
අපි දැනටමත් මධ්‍ය කාලීන සාර්ව ආර්ථික නිර්ණායක සම්පූර්ණ කිරීමට අපි එකඟවෙලා තිබෙනවා. අපි ඒ ගමනෙන් වෙනස් වෙන්නේ නෑ. ශ්‍රී ලංකාවට විදේශ ණය ගෙවීමේ හැකියාව හා සංචිත ගැන ගැටලුවක් නෑ.
ඩොලර් බිලියන 7.2ක් පමණ විදේශිය සංචිත තිබෙනවා. 2019 දී අපට ඩොලර් බිලියන 1.5ක සෛවරීත්ව බැදුම්කර ගෙවීමට තිබෙනවා.
මෙය ගෙවීම සඳහා දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය සංචිත ගිණුමේ හම්බන්තොට වරාය ගිණුමේ ඉතිරිකරගත් ඩොලර් මිලියන 650ක් තිබෙනවා. රාජ්‍ය බැංකු තුනක් ලංකා සංවර්ධන බැදුම්කරවල ආයෝජනය කිරීමට සාකච්ඡා කරනවා.
චීනයේ සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගැනීමට සාකච්ඡා කරගෙන යනවා. අපිට කෙටි කාලයක් තුළ ඩොලර් බිලියන 2ක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.
මූඩිස් ආයතනය පළමුවරට අපේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට අපේක්ෂා කළේ ජූලි මාසයේය. නමුත් මහ බැංකුව කරුණු දක්වලා ඒක වළක්වා ගත්තා.” යැයි ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.
popular news
ගුණේ Thursday, 22 November 2018 04:01 PM
ණයට අරන් කන්න දෙන්නනම් ආන්ඩුවක් මොකටද....?
Reply : 0 170
Champa Thursday, 22 November 2018 04:08 PM
ඉස්සෙල්ල බන්දුලගෙන් අහන්න හොඳද. එයා කිව්වා ණය ගෙවන්න ඕනේ තරම් සල්ලි තියෙනව කියල. ඇවිල්ල සති තුනහමාරෙන් ඩොලර් මිලියන් පන්සීයක ණයක් ගන්නවා!!!!! හොඳයි වැඩේ. රනිල්ට බැන බැන මෙගොල්ලොත් කරන්නේ ඒකමයි.
Reply : 0 135
සච් Thursday, 22 November 2018 04:58 PM
යහපාලන ආණ්ඩුව යන කොට රට ලේසි පහසු ආර්ථික ගැටළුවකට දාලා ගිහින් තියෙන්නේ. ඒ මදිවට ලංකාවට උදව් කරන්න එපා කියලා බටහිර රටවලට කේලම් කිය කිය යනවා. රනිල් යුද්ධය කාලෙත් කළේ ඒකනේ. 2007 දි යුද්ධය යද්දි කිව්වානේ ජපානයට ලංකාවට දෙන උදව් නතර කරන්න කියලා..............දැන් මේ ආණ්ඩුව ඒවා ටික ටික විසඳනවා.....ඒ නිසා ඉවසලා ඉන්න. පොඩ්ඩක් හොයලා බලන්න යහපාලන රංචුව ණය ගත්ත හැටි, ණය ගත්ත ප්‍රමාණ ගැන. ඒ විතරක්ද ලංකාව චීන ණය උගුලක අහුවෙලා කියලා අමු බොරු කියලා රටේ නමත් නැති කරා.
Reply : 10 0
chathuri Thursday, 22 November 2018 05:25 PM
චීනය විතරයි ඉන්නේ නය දෙන්න චීනා මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන්. කොන්දේසි. මත. නයදෙන්නේ. වෙන. දනවත් කිසිම. රටක් මේ වෙලාවේ උදව්. කරන්නේ. නැහැ සිරිසේන. විදේශයෙන්. කිසිම දෙයක් එපා. කියල. නේද. මහින්දව. ගෙනාවේ අපි. වවාගෙන කමු. කියලා දැන්. මේ ගන්න. නය බෙදාගෙන කන්න. ඇමරිකාව ,වැනි. රට වලින් ඉල්ලන්න බයද . දැන් ඩොල්ලර්. එකක් 180 ත්. පනිනවා මේ වෙලාවේ නය ගන්න හොඳ නැතිබව. මේ. මෝඩයින්ට. තේරෙන්නේ. නැත්ද . චීන දන්නවා දනවාදී රටවල් තරහයි රටේ තියෙන. දැන් තත්වයට සේරම අකමැති මහින්දට. කියලා ,රටේ නායකයට. තේරුනේ. නැති. වුනාට චිනට තේරෙනවා ගිනිපොලියට දෙනවා නැතිනම්. පෝක් සිටි වගේ තව දෙයක් කරන්න. ගිවිසුම්. ගහනවා. මහින්දට මේවෙලාවේ ඕන. සල්ලි ජනතාව. එකතු වෙලා. සිරිසෙනවා. පැන්නුවේ නැතිනම්. ජනතාවට මානසිකව දුක්. විදලා. මැරෙන්න. වෙන්නේ. මේ කුඩ්දෙල්ල. හිට්ලර් ට. හපන් කොන්ද. පන නැති හිට්ලර් කෙනෙක්. හැංගිලා ගහන්නේ. එලියට. අවොත් මරණ. බව. දන්නා. නිසා.
Reply : 0 1
සිංහයොත් බලුවෙනවා Saturday, 24 November 2018 05:25 AM
ඔය කරන්නේ නියමෙට . ලජ්ජා නැතිව කියනවා හන්බන්තොට විකුණපු සල්ලි . උගස් තියපියවූ දැන් රාජ්‍ය බැංකු ටිකත් . කරන ක්‍රමේ ඇවිල්ල පෙන්නන්නම් කිවේ "පස්සදොරෙන් හොර අගමති '". මේකද ක්‍රමය . කලින් සැරෙත් ඕකම කරලා රටට විශාල පාඩුවක් උණා කෝ අර බන්දුල . මොකද මිනිහ ඩොලර් එකට උඩ යන්න බැරිවෙන්න කර ගහගෙන ඉන්නවද සද්දයක් නැත්තේ
Reply : 0 1
rocky Saturday, 24 November 2018 07:32 AM
හොර ආණ්ඩුවකට විදේශ නය ගහන්න පුලුවන්ද? ඒවා ගෙවන්නේ කවුද? චීන්නු මිසක් වෙන කව්රුවත් වත් මේ විදිහේ කූට උපක්‍රම වලට මැදිහත් වෙන්නේ නැහැ. දැන් මේ නයෙනුත් මුන් බාගයක් විතර කොමිස් ගහනවා ෂුවර්. පොහොට්ටුවෝ ආණ්ඩුව කොල්ලා කාලා රට සිනක්කරේටම චීනාට හොර ඔප්පුවකින් පවරන්නයි ලෑස්ති වෙන්නේ!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd