බීජිං, මාර්තු 21 (ෂින්හුවා) -චීනය තුළ කොවිඩ් 19 රෝගීන් තෙවැනි දිනයටත් වාර්තා නොවුණත් පිටරටවල සිට පැමිණි පුද්ගලයින් 41කට කොවිඩ් ආසාදනය වී ඇතැයි චීනය නිවේදනය කරයි.
මෙයින් සිද්ධි 14ක් බීජින් නුවරින්ද, ෂැංහයිහි නවයක් ද වාර්තා වී තිබේ. මීට අමතරව ගුවාංඩොං පළාතේ හතක්, ෆුජියන් පළාත, ෂෙජියැන්ග්, සිචුවාන්, ෂැන්ඩොං සහ ෂැන්සි යන පළාත්වලින්ද රෝගීන් වාර්තා වී තිබේ.
සිකුරාදා අවසන් වන විට විදෙස් රටවලින් චීනයට පැමිණි පුද්ගලයන් 269 කට කොවිඩ් ආසාදනය වී තිබුණි.
සිකුරාදා දිනයේදී සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 590 දෙනෙකු රෝහලෙන් පිටව ගිය අතර බරපතල රෝගීන් සංඛ්‍යාව 1963 දක්වා 173 කින් අඩු විය.
සිකුරාදා අවසන් වන විට ප්‍රධාන භූමියේ සමස්ත තහවුරු වූ රෝගීන් 81,008 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 6,013 කි. සුවය ලැබීමෙන් පසු මුදා හරින ලද රෝගීන් සංඛ්‍යාව 71,740 කි. මියගිය පුද්ගලයින්ගේ ගණන 3,255 කි.