බීජිං, මාර්තු 22 (ෂින්හුවා) - සෙනසුරාදා චීනයේදී කොවිඩ් 19 තහවුරු කළ රෝගීන් 46ක් වාර්තා වූ අතර එයින් රෝගීන් 45ක්ම විදේශයන්හි සිටි චීනයට පැමිණි පුද්ගලයන් වෙයි.
චීනයෙන් වාර්තා වූ රෝගියා හුබෙයි පළාතෙන් වාර්තා විය. චීනය තුළදී රෝගියෙක් වාර්තා වුයේ දින තුනකට පසුව වෙයි. විදේශයන්හි සිටි පැමිණි රෝගීන් අතරින් 14 ක් ෂැංහයි හිදී 13 ක් බීජිංහිදීත්, 13 ක් ගුවැංඩොං පළාතේත් 7 ක් ෆුජියන් පළාතෙත් වාර්තා විය. සෙසු රෝගීන් ජියැන්ග්සු, හෙබෙයි, ෂෙජියැන්ග්, ජියැන්සි, ෂැන්ඩොං සහ
සෙනසුරාදා අවසන් වන විට චීනයට විදේශයන්හි සිටි පැමිණි පුද්ගලයින් අතරින් 314ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.
සෙනසුරාදා දිනයේදී චීනයෙන් කොවිඩ් මරණ 6 ක් වාර්තා විය. ඉන් මරණ පහක්ම හුබෙයි පළාතෙන් වාර්තා වෙයි.
සෙනසුරාදා සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 504 දෙනෙකු රෝහලෙන් පිටව ගිය අතර දරුණු රෝගීන් සංඛ්‍යාව 1845ක් දක්වා 118 කින් අඩුවිය.
සෙනසුරාදා අවසන් වන විට ප්‍රධාන භූමියේ සමස්ත රෝගීන් 81,054 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 5,549 කි. සුවය ලැබීමෙන් පසු රෝහලෙන් පිටව ගිය රෝගීන් ගණන 72,244 ක් සහ රෝගයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3,261 කි.