COVID-19 සම්භවය සෙවීම සඳහා ජාත්‍යන්තර දරණ උත්සාහයන් මධ්‍යයේ චීනයේ රෝගීන් වාර්තාවීමට ප්‍රථමව වෙනත් රටවලින් කොවිඩ් ආසාදිතයන්ගේ නියැදි හමුව තිබේ.
එක්සත් ජනපදය, යුරෝපය, බ්‍රසීලය සහ ජපානය යන රටවල මෑතකදී සිදු කළ අධ්‍යයන අනුව ඔවුන්ගේ තහවුරු කළ පළමු ආසාදිතයා හඳුනා ගැනීමට ප්‍රථමව එම රටවලින් කොවිඩ් ආසාදිතවූවහන්ගේ සාම්පල හමුව තිබේ.
එක්සත් ජනපදය: 2019 වසරේ දෙසැම්බර් මාසයේදී රුධිර සාම්පල වලින් වෛරසය ආසාදිතවූවන් සොයාගෙන තිබේ. එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන (එන්අයිඑච්) විසින් 2021 ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් පවසා ඇත්තේ ප්‍රථම රෝගියා හඳුනා ගැනීම පෙර 2019 දෙසැම්බර් මාසයේදී එක්සත් ජනපදයේ නව කොරෝනා වයිරසය තිබූ බවට සාධක හමුව තිබේ..
එන්අයිඑච් හි විද්‍යාඥයින් විසින් 2020 ජනවාරි 2 සිට මාර්තු 18 දක්වා රුධිරය ලබා දුන් පුද්ගලයින් 24,000 කට අධික සංඛ්‍යාවකගේ රුධිර සාම්පල නවයක තිබී කොරෝනා වයිරස් ප්‍රතිදේහ සොයා ගත්හ. ප්‍රතිදේහ නිපදවීමට සාමාන්‍යයෙන් දින 14 ක් පමණ ගත වේ.
ප්‍රංශය: 2019 දෙසැම්බර් මාසයේදී දැඩි සත්කාර ඒකකයේ රෝගියෙකුගේ සාම්පලයක වෛරසය හමු විය.
ප්‍රංශයේ පැරීසියේ රෝහලක් 2019 දෙසැම්බර් සහ 2020 ජනවාරි මාස වලදී උණ සහ වෙනත් ආකාරයේ කොරෝනා වෛරස් ආසාදිත ශ්වසන ආසාදන ඇති දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල නැවත පරීක්ෂා කළ නමුත් 2019 දෙසැම්බර් 27 දින පිරිමි රෝගියෙකුගෙන් ලබා ගත් ජෛව සාම්පලයක් ධනාත්මක වී තිබේ. ප්‍රංශයේ පළමු රෝගියා වාර්තා වීමට මාසයකට පෙර මෙම සාම්පලය හමුව තිබේ.
මෙයින් අදහස් කරන්නේ වෛරසය කලින් සිතුවාට වඩා මාසයකට පමණ පෙර යුරෝපයේ ව්‍යාප්ත වන්නට ඇති බවයි.
බ්‍රසීලය: 2019 නොවැම්බර්යේ අපජල සාම්පලයෙන් වෛරසය සොයා ගන්නා ලදී
2020 පෙබරවාරි 26 වන දින එරට පළමු කොරෝනා වයිරස් සිද්ධිය නිල වශයෙන් වාර්තා වීමට මාස තුනකට පෙර එනම් 2019 නොවැම්බර් මස අග භාගයේ අපවහන පද්ධතියෙන් කොරොන වයිරසය බ්‍රසීලියානු පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.
ඉතාලිය: රුධිර සාම්පල, අපජල සාම්පල සහ සමේ සාම්පල වලින් වෛරසය සොයා ගෙන තිබේ.
ඉතාලි ජාතික සෞඛ්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව 2019 දෙසැම්බර් මාසයේදී මිලාන් සහ ටියුරින් අපද්‍රව්‍ය වලින් එකතු කරන ලද සාම්පල වලින් වෛරසය සොයා ගෙන තිබේ.
මෙම අධ්‍යයනයෙන් ඉතාලියේ පළමු කොරෝනා වයිරස් සිද්ධිය වාර්තා වීමට පෙර උතුරු ඉතාලියේ පිරිපහදු මධ්‍යස්ථාන පිවිසුමෙන් එකතු කරන ලද අපජලය තුළ වෛරසය පවතින බවයි.
ස්පාඤ්ඤය: අපද්‍රව්‍ය සාම්පල වලින් වෛරසය හමු විය
බාර්සිලෝනා විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥයින් විසින් 2020 ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ කොරෝනා වයිරසය වාර්තා වූ පළමු සිද්ධියට මාස 10 කට පෙර 2019 මාර්තු මාසයේදී එකතු කරන ලද බාසිලෝනා අපජලයේ සාම්පල වල වෛරස් අංශු මාත්‍ර තිබී ඇති බවයි. ජපානය: රුධිර සාම්පල වලින් වෛරසය සොයා ගන්නා ලදී
ජපානයේ සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය විසින් 2019 ජනවාරි සිට මාර්තු දක්වා ජපානයේ කොෂිනෙට්සු ප්‍රදේශයේ රුධිර පරිත්‍යාග සාම්පල 500 ක් ලබා ගත් පරීක්ෂණයකින් ධනාත්මක ප්‍රතිඵල දෙකක් සොයා ගන්නා ලදී.