Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙකු හා මතුගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා තීරණය කර තිබේ.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන 05 වැනිදා විශේෂ සමුළුවක් පවත්වා මෙම තීරණය රටට දැනුම් දීමට ඔවුන් කටයුතු කරගෙන යන බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් එදින සවස 2.00ට ආරම්භ කෙරෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු,පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්,මන්ත්‍රිවරුන් ඇතුලු පිරිසක් එක්වීමට නියමිතය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ(29)පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක සංගමයේ සභාපති කිත්සිරි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් මෙම සමුළුව පවත්වන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් 81ක්, අපේක්ෂකයන් 3,000ක්, මන්ත්‍රීවරුන් 1,000ක් ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් 15,000ක් සහභාගි වීමට සූදානමින් සිටින බවද හෙතෙම පැවසීය.
පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයන් 9,000ක් තරග කළ බවත්, එම සියලු දෙනාට නොදන්වා පක්ෂ නායකත්වය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට තීරණයක් ගෙන තිබෙන බවත් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සියලු දෙනා කල කිරීමට පත්ව සිටින බවත්, මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ 07ක් ලබාදීමට තම කණ්ඩායම කටයුතු කරගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්නයෙන්ම දියවී යනු ඇති බවත්,මේ බව තේරුම් නොගත් ශ්‍රී.ල.නි.ප. සංවිධායකවරු 14 දෙනෙකු පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ඉදිරිපත් වී සිටින බවත් ඔහු පැවසීය.
popular news
Bandula. Wednesday, 30 October 2019 10:00 AM
මේ අම්මන්දිල එකතු උනොත් සජිත් මහත්මය ඉවරි, අනේ පව්.
Reply : 33 82
DILUM Wednesday, 30 October 2019 10:17 AM
කවද මේ පිස්සෝ ටික..
Reply : 5 25
Deepal Nirosh Wednesday, 30 October 2019 12:09 PM
ඒහෙනම් ඇගේ වෛරය ඌටත් කාන්දු වුණා.
Reply : 4 116
Lion Wednesday, 30 October 2019 01:45 PM
ඇත්ත කතාව නම් මේ අයට ගොතට වැටෙන චන්ද ලක්ෂ 3-4 ප්‍රමාණයක් සජිත්ට ලබාදිය හැකි බවෛ
Reply : 155 14
gayan Thursday, 31 October 2019 01:00 PM
එදිනෙදා තොරතරු ලබා දිම පිලිබද සතතියි
Reply : 0 0
Shirly Friday, 01 November 2019 08:17 AM
Kohomahari me rata nawathat ashilachara assists awaneetha wanchakara dushitha Paul palanayenayata himiwanna ida nothiyanna
Reply : 0 4
Ranjan Saturday, 02 November 2019 06:06 AM
25 චන්ද X 30 පාක්ෂිකයන් = 750 චන්ද අත්තනගල්ල තම ගම පොහොට්ටුවට පෙරදුන ගෙහෙනි . ලේබුනේ චන්ද 25. ලේජ්ජි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd