රථවාහන නීති උල්ලංගණය කරමින් අන්තරාදායක ලෙස රිය පැදවූ චන්දිමාල් ජයසිංහගේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා නිරෝධායන නීති උල්ලංගණය කරමින් උපන්දින සාදයක් පැවැත්වූ චන්දිමාල් ජයසිංහ හා පියමි හංසමාලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කරනු ලැබීය.
ඔවුන්ට ඇප ලැබීමෙන් පසුව චන්දිමාල් ජයසිංහ සිය රථයෙන් ගමන් කරන විට මාර්ග නීති උල්ලංගණය කරමින් ගමන් කර ඇයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පැතිර ගියේය.
පදික මාරුවකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් එම රථය පැදවූ රියදුරු හා රථය පොලිස් භාරයට ගෙන තිබේ.
පසුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 12500ක දඩ මුදලක් පනවා තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මෙසේ මාර්ග නීති උල්ලංඝණය කරමින් වාහනය ධාවනය කර තිබුණි.