නිරෝධායන නීති උල්ලංගණය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලක චන්දිමාල් ජයසිංහ පැවැත්වූ උපන්දින සාදයට එක්වූ තවත් පුද්ගලයන් 7ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සාදයට සම්බන්ධය ඊයේ දිනයේදීද පුද්ගලයන් 6ක් අත්අඩංගුවට ගනු ලැබීය. ඊයේ හා අද දිනයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර පිරිමි 11ක් හා කාන්තාවන් 2ක් වෙයි.
මෙම සැකකරුවන් 13 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්රකාශකවයරයා පැවැසීය. මීට පෙර චන්දිමාල් ජයසිංහ හාා පියුමි හංසමාලිද අත්අඩංගුවට ගත් අතර ඒ අනුව උපන්දින සාදයට එක්වූ 15ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
චන්දිමාල් හා පියුමි මීට පෙර ඇප මත නිදහස් කරනු ලැබීය. සාදයට එක්වූ සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.