දැනට සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස්වී පැමිණෙන විට තමන්ට හිමි නිවෙස් තුනෙන් එක නිවසක් ඔහුට ලබාදීමට තීරණය කළ බවට ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ මහතා පැවැසීය.
සිය ෆේස් බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු පැවැසුවේ ඔහුට හිමි නිවස අහිමිවීමයට යන හෙයින් තමන් මෙම තීරණය ගත් බවයි.
“රන්ජන් අයියට එයා ඉන්න ගෙදර නැතිවෙන්න යනවා. මම ඒක දැනගත්තේ එතුමා ළගින්ම ඉන්නේ භාගේෂ්වරී ගුණසේකර මහත්මියගෙන්.
මට තියෙන ගෙවල් තුනෙන් එක නිවසක් එතුමා ජනාධිපති සමාව ලැබීම නිදහස්වී පැමිණෙද්දී දෙන්න තීරණය කළා.
රන්ජන් අයියා කියන්නේඅපේ හොඳ හිතවතෙක් හා හොඳ යහලුවෙක්. ඒ නිසා තමයි මම මේ තීරණය ගත්තේ.
රන්ජන් අයියේ අපි ඉන්නවා ඔයත් එක්ක. දුක්වෙන්න එපා. නරක කාලය ඉවරවුණාම ආයෙත් ඇවිත් මිනිස්සුන්ට ඇවිත් උදව් කරන්න.”