චෙක් නියෝජ්‍ය අගමැති ජෑන් හමාසෙක් විසින් කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව චෙක් සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්‍රකාශක ඊවා ග්රෙගෝරෝවා පවසයි.
හමාසෙක් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාද වන අතර කොවිඩ් -19 ඇතුළු අර්බුදකාරී අවස්ථාවන්ට මුහුණදීම සඳහා කටයුතු කරන රජයේ ආයතනයක් වන මධ්‍යම ආපදා කාර්ය මණ්ඩලයේ සභාපතිවරයාද වේ.
වසංගතයේ ප්‍රථම රැල්ලේදී සාර්ථකව එය පාලනය කළ චෙක් ජනරජය, ලොව ප්‍රබල රටවල් අතර වඩාත් වේගයෙන් වෛරසය පැතිර යන රාජ්‍යයක් බවට දෙවැනි රැල්ලේදී පත්ව ඇත්තේ, ඔවුන් ප්‍රථම රැල්ලෙන් පසුව වසංගත තත්ත්වය ඉක්මනින් අමතක කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව කියැවේ.
එහිදී නව ආසාදන පාලනය කිරීම සඳහා ඔවුන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් තිබුණද, ඔවුන් එයට ප්‍රමාද වී ඇති බවට චෝදනා නැගෙයි.
චෙක් ජනරජයේ බලධාරීන් අඟහරුවාදා නව කොරෝනා වෛරසය ආසාදිතයන් 11,984ක් වාර්තා කළ අතර එය වාර්තාගත ඉහළම දෛනික ආසාදන සංඛ්‍යාවකි.
රෝග පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානයට අනුව, චෙක් ජනරජය වෙතින් යුරෝපයේ දරුණුතම ආසාදන අනුපාතය මේ වනවිට දැකිය හැකි අතර, එය පසුගිය දින 14 තුළ ජනගහනය 100,000කට ආසාදන 900කට වඩා වාර්තා කර තිබේ.