නව කොරෝනා වෛරසය පාලනය කිරීමේ පියවරක් ලෙස චෙක් ජනරජය රාත්‍රී 9.00 සිට අලුයම 5.00 දක්වා රට තුළ නිදහස් ගමන් බිමන් තහනම් කරමින් සංචරණ සීමා පනවා තිබේ.
ඒ අනුව මෙම තහනමෙන් ඉවත්ව සිටින්නේ අත්‍යවශ්‍ය රාජකාරීන්වලට යන පිරිස් සහ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල පමණි.
ඔක්තෝබර් 28 වැනි බදාදා සිට නොවැම්බර් 3දා දක්වා මෙම සීමාවන් බලාත්මක වන බව ප්රවෘත්ති සාකච්ඡාවකට එකවෙමින් සෞඛ්‍ය අමාත්‍ය රෝමන් ප්රිමුල පැවසීය.
එසේම නිවෙස්වල සුරතලයට ඇති කරන සුනඛයන් මෙම සංචරණ සීමා පනවා ඇති කාලය තුළ තම නිවස ආසන්නයේ මීටර් 500ක අරයක් තුළ ඇවිද්දවීමටද එම සතුන්ගේ හිමිකරුවන්ට අවසරයක් ලබාදී තිබේ.
එම ප්රවෘත්ති සාකච්ඡාවේදීම වෙළෙඳ අමාත්‍ය කරල් හැව්ලිසෙක් පැවසුවේ සියලුම සිල්ලර වෙළෙඳ සැල් ඉරිදා දින හැර රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා වසා දැමිය යුතු බවය. කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල සහ ෆාමසි විවෘතව පවතිනු ඇත. එසේම ගුවන් තොටුපල, දුම්රිය හා බස් නැවතුම්පොළවල ඇති ආහාර අලෙවි සැල් විවෘතව පැවතිය හැකිය.
එසේම නිවසේ සිට සිය රාජකාරීන් සිදුකළ හැකි සෑම අයෙකුටම එම අස්ථාව ලබාදෙන ලෙස වෙළෙඳ අමාත්‍යවරයා ආයතන හිමියන්ට කියා සිටියේය.
චෙක් ජනරජයේ සඳුදා පැය 24 ක් තුළ නව ආසාදිතයන් 5,474 ක් වාර්තා වූ අතර, මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 263,572කි. එමෙන්ම දැනට රට තුළ මරණ 2,337ක් සිදුව තිබේ.