චෙක් ජනරජයේ අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රෙජ් බබීක් එරට කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත ලබාගත් රටේ ප්‍රථම පුද්ගලයා බවට පත්ව තිබේ.
එසේම එරට දෙවැනි මාත්‍රාව යුද ප්‍රවීණයෙකු ලෙස සැලකෙන එමිලියා ෂෙපෙකෝවාට ලබාදී ඇති බව සඳහන් වෙයි.
දෙසැම්බර් 21 වැනි දින යුරෝපා සංගමය විසින් මෙම එන්නත් අනුමත කිරීමෙන් පසු මෙම සති අන්තයේදී විශාල වශයෙන් එන්නත් කිරීමේ වැඩසටහන දියත් කරන ලදී. ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඉතාලියද සිය පළමු වටයේ ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත ඉරිදා ආරම්භ කළේය.
දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී මාත්‍රාවන් 355,000ක් ලබාදීමට බලාපොරොත්තු වන බව අගමැති බබීක් පැවසීය.
චෙක් නායකයා මෑත මාසවලදී රට තුළ කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීමත් සමග දැඩි අර්බුදයකට ලක්ව සිටියේය. රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය සඳහන් කරමින් ජනගහනය මත දැඩි නීති පැනවීම බබීක් ප්‍රතික්ෂේප කළේය. නමුත් මෙම තීරණය සමහර අවස්ථාවල විශේෂඥ මතයට පටහැනි වූ අතර, වෛරසය පුළුල් ලෙස ව්‍යාප්ත වීමට හේතු විය. අවසානයේදී දැඩි සීමා පැනවීමට සිදුවිය.
වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් තමා සහ රජය වැරදි කර ඇති බව පිළිගත් බබීක්, නීති රීති අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.