චක්‍රලේඛ වලට මුවා වී සංවර්ධන කටයුතු වලට බාධා කිරීම් තවදුරටත් සිදු නොවිය යුතු බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් නිලධාරීන් මූල්‍ය හා පරිපාලන චක්‍ර ලේඛන පෙන්වමින් ජනතා අවශ්‍යතාවක් ඉටු කිරීම ප්‍රමාද කරන බවයි.
මහින්ද රාජපක්ෂ රජය යටතේ වැඩබිමක් ව පැවති රට පසුගිය යහපාලන ආණ්ඩුව මුඩු බිමක් බවට පත් කළ බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා දේශපාලනඥයින් හා රජයේ නිලධාරීන් සංවර්ධන කටයුතු වලදී දෙපසට ඇද්දොත් රට ගමන් කරන්නේ ඉදිරියට නොව පසුපසට බව කියා සිටියේය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි ඊයේ (02) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා,
“සංවර්ධන කටයුතු සිදු විය යුත්තේ ජනතාවගේ අවශ්‍යතාවයන් නිසි පරිදි හදුනාගෙනයි. ජනතා ඉල්ලීම අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අපි ප්‍රායෝගික විය යුතුයි. පොතපතට සීමා වෙලා රටක් සංවර්ධනය කරන්න බෑ. මහජන නියෝජිතයන් හා නිලධාරින් එක්ව කටයුතු කළොත් මේ රට සංවර්ධනය කරන එක පහසුයි. දෙපැත්තට ඇද්දොත් රට යන්නේ ආපස්සට. ඒක අපි තේරුම් ගන්න ඕනේ.
දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරින් එක්ව ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ වගකීම තමයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැවරිලා තියෙන්නේ. මේවා පොත් පත්වලට සීමා කරන්න එපා. පරිපාලන රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි වලට මුවාවෙලා සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදකරන්න තවදුරටත් ඉඩ නෑ.
සමහර නිලධාරින් තීන්දු ගන්න බයයි. චක්‍ර ලේඛන තියෙන්නේ වැඩ නොකර ඉන්න නෙමෙයි. විධිමත් ලෙස වැඩ කරන්න. දූෂණ නොවෙන්න. හැබැයි අද සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. වැඩ කරන්න ඇතැම් චක්‍ර ලේඛණ බාධාවක් වෙලා. අපි ඔබව ආරක්ෂා කරනවා. හරි දේ හරි විදිහට කරන්න. චක්‍ර ලේඛන පිට දාලා වැඩ නොකර ඉන්න හදන්න එපා. වැඩ කරන්න. වැඩ කරන කෙනාට චක්‍ර ලේඛන බාධාවක් නම් ඒ ගැන තීන්දු ගන්න වේවි. ජනාධිපතිතුමා අනවශ්‍ය චක්‍ර ලේඛන ඉවත් කරලා ජනතාවට වැඩ කරන්න පුළුවන් විදිහට නව චක්‍ර ලේඛන නිකුත් කිරිමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේ ඒ නිසායි”.