ගිං ගඟේ ජල මට්ටම ඉහල ගොස් ඇති බැවින් නෙළුව, තවලම සහ කොටපොල යන ප්රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ප්රදේශවල පහත් බිම් ආශ්රිතව වෙසෙන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.