ගිනිපෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය ආරක්ෂිත වෙඩි බෙහෙත් නොමැති වීම හේතුවෙන් හෙට (23දා) සිට කර්මාන්ත ශාලා වසා දැමීමට සිදුව ඇතැයි ආරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදිත සංගමය සඳහන් කරයි.
රජය මැදිහත්ව අඛණ්ඩව වෙඩි බෙහෙත් නිසි ලෙස ගෙන්වා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.
වෙඩි බෙහෙත් හිඟ වූ පසු රජය වෙඩි බෙහෙත් ගෙන්වා දෙන බවට සඳහන් කළද, මෙතෙක් එම කටයුත්ත සිදුව නොමැති බවත්, මේ නිසා රට තුළ ගිනිපෙට්ටි හිඟයක් ඇතිවීම වළක්වාගත නොහැකි බවත් එම සංගමය සඳහන් කරයි.