ගාල්ලේ සිදුවූ මරණ දෙකක් සම්බන්ධව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් ඔවුන් කොරෝනා ආසාදිත බව අද (17දා) තහවුරු වූයේ යැයි රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය හා කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, වැලිවත්ත, ඕල්කට් මාවතේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගිංතොට, කුරුඳුවත්ත, විදානගොඩ පදිංචි 77 හැවිරිදි කාන්තාවකි.
57 හැවිරිදි පුද්ගලයා අසනීප වී ඊයේ (16) නිවසේ සිට රෝහලට ගෙන එමින් සිටිය දී මියගොස් ඇති අතර 77 හැවිරිදි කාන්තාව ඊයේ (16) නිවසේ දී ම මියගොස් ඇත. එම දෙදෙනා මියයාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා අද ලැබී තිබුණු අතර එහිදී තහවුරු වී ඇත්තේ ඔවුන් දෙදෙනාම කොරෝනා ආසාදිත බවයි.
සිරංගිකා ලොකුකරවිට