ගාල්ලේ අම්බලන්ගොඩ පදිංචි වෛද්‍යවරුන් දෙපළකට, ඔවුන්ගේ දරුවන් තිදෙනාට සහ වෛද්‍යවරියගේ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හදාරන මෙම දරුවන් පසුගිය දිනවල පාසැල් ගොස් ඇති බැවින් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක් සහ ගුරු මණ්ඩලයේ කිහිප දෙනකු ද නිරෝධායනය කිරීමට යොමු කර තිබේ.
කොරෝනා ආසාදිත බව තහවුරු වූ එම වෛද්‍යවරයා කරන්දෙණිය කෙරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන අතර බිරිඳ බලපිටිය රෝහලේ අධිකරණ අංශයේ වෛද්‍යවරියකි.
සිරංගිකා ලොකුකරවිට