ගෑස් මිල ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ලෝක වෙළඳපොළ තුළ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම ඉල්ලීම කර ඇති බවත් ඔහු පැවැසීය.
ලාෆ් ගෑස් මිල මීට සති කිහිපයට පෙර ඉහළ නැංවුවද තවදුරටත් වෙළඳපොළ තුළ ලාෆ් ගෑස් හිඟයක් පවතී.
කෙසේ වෙතත් ලිට්රෝ සමාගමේ මිළ ඉහළ නැංවීමක් සිදු නොවුණි.
මේ වන විට ගෑස් සමාගම නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවට ලද තොරතුරු වලින් පෙනෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.
ගෑස් මිල සම්බන්ධයෙන් සමාගම් සමග සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍යවරයා පැවැසීය.