මෙවර යල කන්නයේදී එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 3000ක් වශයෙන් වී මිලදී ගැනීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
මෙතෙක් වී අලෙවි මණ්ඩලය විසින් එක් ගොවියෙකුගෙන් කිලෝග්‍රෑම් 2000 බැගින් වී මිලට ගත්තද මෙවර එම ප්‍රමාණය තවත් කිලෝග්‍රෑම් 1000කින් ඉහළ නැංවීමට රජය තීරණය කළ බව පැවසූ අමාත්‍යවරයා, ඒ සඳහා රුපියල් මිලියන 4998ක මුදලක් රජය විසින් වෙන් කර ඇති බවද පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, යල කන්නයේ වී අස්වනු මිලට ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් මේ වනවිට ආරම්භ කර ඇති අතර එහිදී සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 41කට සහ නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 38ක්යනාදී ලෙසට සහතික මිලක් යටතේ මිලදී ගැනීම සිදුකරන බවයි.