මාතලේ ප්රදේශයේ සිට අකුරණ ප්රදේශයට බලපත්ර රහිතව ලොරි රථයකින් ප්රවාහනය කරමින් තිබූ ගවමස් කිලෝ 105ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුරක් අනුව අකුරණ, බුළුකොහොතැන්න ප්රදේශයේදී අදාළ ලොරි රථය නවත්වා පරීක්ෂා කිරීමේදී එහි තිබී අදාළ ගවමස් තොගය සොයාගෙන ඇත.
සැකකරු හා නඩු භාණ්ඩ මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති, පොලිස පරීක්ෂක ඊ.අයි.එස්.ඊ. ඉලංගසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මහනුවර මොහොමඩ් ආසික්