යාපනය පන්නෙයි කොට්ටඩි ප්‍රදේශයේ ගොවිපළකින් හමුවූ මිනිස් ඇටසැකිලි හමුවූ ස්ථානයේදී ඊයේ (18) දින යාපනය මහෙස්ත්‍රාත් ඒ.එස්.පීටර්පෝල් මහතා ඉදිරියේදී කැනීම් සිදු කල බවට යාපනය පොලීසිය පවසයි.
පසුගිය 15 වනදා කොට්ටඩි මීනාච්චි අම්මාන් කෝවිල අසල පිහිටි ගොවිපලේ හිමිකරු විසින් ඉදිකිරීමක් සඳහා පොළව හාරමින් සිටියදී මිනිස් අස්ථි හා කාන්තා ඇඳුම් තොගයක් හමු වී හිමිකරු විසින් ඒ බව පොලීසියට දැනුම් දෙන ලදි.
අනතුරුව ඊයේ දින යාපනය මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී සිදු කරන ලද කැනීම් වලදී තවත් පාදවල අස්ථි කිහිපයක් හා තවත් කාන්තා ඇඳුම් තොගයක් හමු වී ඇති අතර මෙතෙක් හමුවූ අස්ථි කොටස් අනුව කාන්තාවගේ මළ සිරුරක අස්ථි බවට සැකකරන බවටත් කාන්තාවක් ඝාතනය කොට අදාල ස්ථානයේ ඇයගේ ඇඳුම් ඇතුලු උපකරණ සමග වලදැමුවේදැයි සැකයක් පවතින බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේය.
හමුවූ අස්ථි කොටස් කාලනිර්නය ඇතුලු වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය අධිකරණ වෛද්‍යවරයා වෙතට යොමු කොට ඇති අතර අස්ථි කොටස් හමුවූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදු කිරීමටද පියවර ගන්නා ලෙසට යාපනය මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට ඇත.