දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපලට ප්‍රවාහනය කිරීමේදී කටුනායක සහ මත්තල ගුවන් තොටුපල වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස යාවත්කාලීන වි නොමැති බවත් විශේෂයෙන්ම ගුවන් මගින් භාණ්ඩ අපනයන කිරීමේදී දැනට සිදුවන ප්‍රමාදයන් සකස් කර විධිමත් නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්,සියලු අපනයන කටයුතු වලදී අවශ්‍ය අවසරපත් එකම ස්ථානයකින් ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නේයැයි ගුවන්තොටුපල හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.
ඊයේ (07) කටුනායක ගුවන්තොටුපලේදී අපනයන සමාගම් නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුනි.
මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටවල් රැසක් සඳහා විශේෂිත ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කර ඇත. සතියකට ගුවන් ගමන් තිහකට වැඩි ප්‍රමාණයක් භාණ්ඩ ප්‍රවාහනයේ නිරත වේ. ලන්ඩන්, ප්රැන්ක්ෆට්, බීජිං, ශැන්හයි, ගුවන්ශූ යන ගුවන් ගමනාන්තයන්ද මෙල්බර්න්, සිංගප්පූරුව, ඈත පෙරදිග, ටෝකියෝ, දෝහා හා ඩුබායි යන ගමනාන්තයන් මෙන්ම මාල දිවයින, ඩකා සහ ඉන්දියාව යන රටවල් වලටද මෙම ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
විවිධ ශ්‍රී ලාංකික නිෂ්පාදන මෙම රටවල් කරා ගුවන් මගින් ප්‍රවාහනය කෙරේ. මෙම භාණ්ඩ ගුවන්තොටුපල තුල ස්ථාන දෙකකදී පවත්වාගෙන යනු ලබන භාණ්ඩ පරීක්ෂාව සහ විවිධ අවසරපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයන් හේතුවෙන් අපනයන කරුවන් ගැටලු රැසකට මුහුණ දෙන බව ඔවුන් පෙන්වා දී ඇත. මෙම භාණ්ඩවල ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවද ඔවුන් පවසයි.
මේ පිළිබඳව අවධානය යොමු කල රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා සියලු අවසරපත් එකම ස්ථානයකින් නිකුත් කිරීමටත් ගුවන් ගාල් ගම්මානය තුළ සීසීටීවී කැමරා සවි කිරීමටත් උපදෙස් ලබා දුනි.
එසේම එම කලාපයේ සේවය සඳහා ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයද ඉහල නැංවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දන්වනු ලැබීය. කොළඹ වරාය තුළ සවිකර ඇති සම්පූර්ණ බහාලුම් පරීක්ෂා කල හැකි "කාර්ගෝ සැකෑන්" යන්ත්‍ර සවිකිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙස ගුවන්තොටුපල සමාගමේ සභාපතිවරයාට උපදෙස් ලබා දුනි.