බණ්ඩාරනායක ගුවන් තොටුපළේ වහාම ක්‍රියාත්මක වන පරිදි අද දිනයේ සිට ගුවන්තොටුපළේ විශේෂ කවුළුවක් තුළින් ගුවන්තොටුපළේ පිටව යන පුද්ගලයින් විශේෂ උණ පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගන්නා බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේය.
ඒ අනුව යම් රෝගි තත්ත්වයක් පැවතුණහොත් එම පුද්ගලයාට රටෙන් පිටව යාමට ඉඩ ලබා නොදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.
මෙය දියුණු රටවල ඉතා සක්‍රියව ක්‍රියාත්මක කරන බවත් විශේෂයෙන් චිනය වැනි රටවල මෙය ක්‍රියාත්මක කරන බවත් එම නිසා මෙය ලංකාවේත් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවත් අද කෙරෝනා මර්දනය වෙනුවෙන් පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව පැවසීය.