කොවිඩ් -19 වයරසියේ අවධානම හේතුවෙන් නිරෝධායනය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැගෙන එන ලද සාමාන්‍ය වැසියන් 180 දෙනෙකු අද (15) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදි සාර්ථකව නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව නිවෙස් වෙතට පිටත් වූහ.
ගුවන් හමුදාපති එයාර්මාෂල් සුමන්ගල ඩයස් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ වන්නි ගුවන් හමුදා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී එයාකොමදෝරු ඩී.සී.අයි.වීරසූරිය මහතාගේ නායකත්වයෙන් වන්නි ගුවන් හමුදාව විසින් ආරම්භ කල අතර දින 16 ක් පුරාවට එම පිරිස් නිරෝධායනයට ලක් කිරීමෙන් පසුව අද (15) දින මෙසේ සිය නිවෙස් වෙතට රැගෙන යාමට වන්නි ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් පියවර ගත්හ.
අනුරාධාපුර , කරුණෑගල, පොල්ගහවෙල, අලව්ව ආදී ප්‍රදේශයන්හි සිට කොරෝනා වයිරසයේ අවධානමට ලක් වූ පිරිස් වන්නි ගුවන් හමුදා කඳවුරේදී නිරෝධායනය සිදු කල අතර එහිදී සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණයකට ලක් කොට කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට තහවුරු වීමෙන් අනතුරුව මෙසේ නිවෙස් වෙතට රැගෙන යන ලදි.
නිරෝධායනය කාල සීමාව තුලදී ගුවන් හමුදා නිලධාරීන් විසින් අවශ්‍ය සියලුම පහසුකම් තමන්ට ලබා දුන් බවටත් වයිරසයේ අවධානමට ලක් වූ සියලුම ශ්‍රී ලාංකිකයින් නිරෝධායනය වෙනුවෙන් සහය ලබා දෙන ලෙසටද අද දිනයේදී නිරෝධායනය අවසන් වී නිවෙස් වෙතට යන පිරිස් වැඩිදුරටත් පැවසූහ.