කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සේවය කරන සේවකයින් සහ නිලධාරීන් 1500 දෙනෙකුට කොරෝනා මර්දනය සදහා එන්නත් ලබා දී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අලෙවි කළමනාකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතා පැවසීය.
මෙම එන්නත් ක්‍රියාවලිය 02/17 දින කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ දී ආරම්භ කළ අතර , එන්නත් ලබා දී නොමැති ඉතිරි සේවකයින් සහ නිලධාරීන් වෙත ඉදිරි දින වලදී ත් මෙම කොරෝනා මර්දන එන්නත් ලබා දීමට නියමිතය .