ගුවන්තොටුපල විවෘත කිරීමට ගත් තීරණය හදිසියේ ගත් තීරණයක් නොවන බවත් කුමන අභියෝග හමුවේ වුවද ලබන 21 වෙනිදා සිට ගුවන්තොටුපල විවෘත කරන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.
සංචාරකයන් ගෙන්වීමේ වැඩ පිලිවෙල හරහා විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමේ වැඩපිලිවෙලට කිසිදු බාධාවක් නොවන බවටද සහතික වන ඇමතිවරයා ලබන සතියේ සිට විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමේ වැඩපිලිවෙල වේගවත් කිරීමට රජය තීරණය කර ඇතැයි ද කියයි. ඒ අනුව මැද පෙරදිග කලාපයෙන් සතියකට ගුවන්යානා 05 ක් ගෙන්වීමටත් කාගෝ ගුවන්යානා මගින් මෙරටට ගෙන්වන විදේශගත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 75 දක්වා වැඩි කිරීමටත් තීරණය කර ඇතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.