එළඹෙන ශිත සමයේදී කොවිඩ් වසංගතය පැතිර යාමේ ඉහළ යාමක් සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බැවින් ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත දින වකවානු සඳහන් කල නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ගුවන්තොටුපල විවෘත කල හැක්කේ සෞඛ්‍ය අංශ හා කොවිඩ් කමිටුවේ නිර්දේශ මත පමණක් බව පවසන ඇමතිවරයා රටත් ජනතාවත් අනතුරට දමා ගුවන්තොටුපල විවෘත කල නොහැකි බව අවධාරණය කරයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ඇෆ්ගනිස්ථාන් තානාපති මොහොමඩ් අශ්රෆ් හයිදාරී මහතා අතර ඊයේ (29) පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව පැවැත්වින.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සංචාරක හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරුණි.
ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙන ගිය ක්‍රියා පිළිවෙත ඉතා ප්‍රශංසනීය බවයි. ඒ නිසා සංචාරකයන්ට ඇති සීමා ඉවත් කිරීමත් සමඟ ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙනු ඇතැයි ඔහු විශ්වාසය පල කළේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව කොවිඩ් නිදහස් රටක් ලෙස මේ වනවිට ලෝකයේ පිළිගැනීමක් ඇති වෙමින් බවයි.